Analyse

Friday, November 12, 2021

විශ්ව න්‍යායන් සහ මානව සංකල්ප - ප්‍රඥාව හරහා

   


මානව සංකල්ප සහ විශ්ව න්‍යායන් අතර වෙනස


මේ ලෝකය මිනිස් සංකල්පවලින් හා ලෞකික න්‍යායන්ගෙන් පිරී ඇත. ඒ සංකල්ප සංස්කෘතියෙන් සංස්කෘතියට, වර්ගයෙන් වර්ගයට , ජාතියෙන් ජාතියට ආගමෙන් ආගමට  ආදී වශයෙන් වෙනස්ය. සමහර සංකල්ප  නීති සහ රීතීන් බවට පත්විය. සංකල්ප පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරයි. සමහර සංකල්ප කිසිදු විමසීමකින් තොරව සත්‍ය ලෙස හෝ රීතීන් ලෙස පිළිගනු ලබන නමුදු ඒවා ලෞකිකත්වයට නැඹුරු ජීවන රටාවක් ගත කරන මානවයන් විසින් නිර්මාණය කරන ලද ඒවා ය. මෙම සංකල්ප හා රීතීන් හෝ නීතීන් මගින් මේ ලෝකය නිර්මාණය කර ඇත්තේ එය විය යුතු හැඩයට නොවේ. එකිනෙකට වෙනස් ආකල්ප, සංකල්ප හා රීති පද්ධතීන් මගින් මානව වර්ගයා එකිනෙකට වෙනස් දිශානතියන් කරා යොමු කරමින් පවතී. එක් අංශයක් හෝ විෂයයක් යටතේ විවිධ ආකල්ප, සංකල්ප සහ නීති රීති රාශියක් බිහි වී තිබෙන අතර මෙමගින් මනුෂ්‍ය වර්ගයාගේ නිශ්චිත භාවය නැති කරනු ලැබ තිබේ. එඬේරා නැති බැටළු රැළක් මෙන් හෝ යන්නේ කොහිද නොදැන හැම අතම දුවන කුහුඹුවන් රෑනක් මෙන් මනුෂ්‍ය වර්ගයා අතරමං වී සිටිති.

ආදරය


සමහර සංකල්ප සම්පූර්ණයෙන්ම වැරදි නමුත් ඒවා සත්‍යයන් වශයෙන් පිලිගනු ලබයි. මෙවන් වූ සංකල්පයන් කරණකොටගෙන අවාසනාවන්ත සිදුවීම් සිදුවෙමින් පවතී.  එහෙත් මෙම සංකල්පයන් බහුතරයකගේ පිලිගැනීමට හා ඉහල අගය කිරීමකට ලක්වී තිබෙන බැවින්, කිසිදු හෝ ප්‍රශ්න කිරීමකට ලක්වන්නේ නැත. මෙහිදී මා එක් උදාහරණයක් දෙන්නම්.  මෙය බහුතරයක් විසින් සත්‍යයක් වශයෙන් පිලිගත් හා ඉතා ඉහල අගය කිරීමකට ලක් වී ඇති සංකල්පයක්.. මෙම සංකල්පය තුල එහි භාවිතා වන වචනයේ සැබෑ අගය වුව නියෝජනය වන්නේ නැත. . ඒ තමයි ආදරය. වඩා නිවැරදිව කිවහොත් "මනුෂ්‍ය ආදරය."  ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන ආදරය. කිසිදු එරෙහිවීමකින් හෝ තර්කයකින් තොරව සියල්ලන්ම විසින් ආදර යනු ඉතා ඉහල, පූජනීය හා පරාර්ථකාමී හැඟීමක් ලෙස පිලිගනු ලබයි. නිර්වචන පවා ලියා තිබෙන්නේ එලෙසය. එහෙත් මෙම සංකල්පය හා බැඳී පවතින හැඟීමට අනුව, සංකල්පයත්, නිර්වචනත්, භාවිතා වන වචනයත් යන සියල්ලම වැරදිය. මේ ආදරය ඒ තරම් ඉහල, පූජනීය දෙයක් නම් එය කරණකොටගෙන සියදිවි හානි කරගැනීම් හා මනුෂ්‍ය ඝාතනයන් ඇති වන්නේ කෙසේද?

බිඳුණු හදවතක්


     මා සමග එකඟ වන්නට බැරියැයි ඔබට සිතෙන්නේනම් මෙය කියවා බලන්න. මෙය එක් සත්‍ය උදාහරණයක් පමණි. මෙහිදී මට පෙන්වීමට අවශ්‍ය වන්නේ මිනිසුන් තේරුම් ගන්නා ආකාරය හා ඔවුන් වටිනාකම් සහ නිර්වචන ලබා දෙන ආකාරය ද නිවැරදි නොවන අතර මිනිස් සංහතිය වැඩිදියුණු කිරීමට උපකාරී නොවන බවයි. මා ඒ කතා කලේ එක් මානව සංකල්පයක් ගැනය. දැන්  එහි වැරදී ඇත්තේ කොහිද යන්න විමසා බලමු   සියල්ලටම පෙර මේ ලෝකය විසින් ආදරය යනුවෙන් වටහා ගෙන ඇති ඒ හැඟීම ආදරය නොවන බව කිව යුතුය. ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇති වන ඒ හැඟීම ලැදිකම හෝ කැමැත්ත පිළිබඳ මෘදු හැඟීමකි. (affection).  එය සිදුවන්නේ මානව වර්ගයා මිහිපිටින් වඳ වී යෑම වැලැක්වීමට ය. මෙම සංකල්පය නිවැරදි දිශාවට ගෙන යාමටනම්, එක්කෝ ආදරය යන වචනය ඉවත් කල යුතුය, නැතහොත් ආදරය යන වචනයේ පරිසමාප්ත අර්ථය එයට එක් කල යුතුය. එය නිවැරදි කල යුත්තේ ඇයිදැයි කිවහොත්, වෙනත් දෙයක් ආදරය ලෙස හඳුන්වා දී මිනිසුන් නොමග යැවීම හානිකර නිසාය.
      ප්‍රඥාව මා මෙහෙයවනු ලබන්නේ වැරදි පෙන්වා දෙමින් සිටීමට නොවේ. එහෙත් නිවැරදි මාවතට පිවිසීමට නම් වැරදුන තැන අවබෝධ කරගත යුතුය. ඔබට පෙනෙනවා ඇති ආදරය යන වචනය මා ඉස්මතු කර ඇති බව.  ලෝකමය ව්‍යවහාරයේදී ආදරය වර්ගීකරණය කලත්  ප්‍රඥාවට අනුව ආදරය යනු එක් දෙයක් පමණි. ආදරය ආදරයම පමණය. වර්ගීකරණයන් නැත.  එසේම ආදරය දිව්‍යමය ය. ලෝකමය නිර්වචනයන්ට වඩා ඉහල අගයක් එයට තිබේ. සමහරවිට දිව්‍යමය යන වචනය දැකීමෙන් කෙනෙකුට දිව්‍යමය ආදරය යනු දෙවියන්ට හෝ දිව්‍ය ලෝකයට හෝ අයිති දෙයක් යැයි වැරදි අවබෝධයක් ඇතිවිය හැකිය. මෙහිදී දිව්‍යමය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු හෝ දෙයක් තිබිය හැකි ඉහලම තැනය. එසේම නියත වශයෙන්ම ඒ ඉහලම තැන තිබෙන්නේ මේ ලෝකමය මානයට එපිටින්ය.

දිව්‍යමය ආදරය


   ආදරය (දිව්‍යමය ආදරය) යනු කුමක්ද, එහි ස්වභාවය කුමක්ද යන්න අපි විමසා බලමු.දිව්‍යමය ආදරයේ ස්වභාවය වන්නේ දීමයි.  ලබාගැනීමේ අපේක්ෂාවකින් තොරව දීමයි. සූර්යයා ආලෝකය දෙන්නේ යම් සේද, මලක් සුවඳ දෙන්නේ යම් සේද, දිව්‍යමය ආදරය - ආදරය දෙන්නේද එසේමය. එය නවතිනේ නැත. නිමාවක්ද නැත. එය මනුෂ්‍යා තුල ඇතිවන දෙයක් නොවේ. එය මනුෂ්‍යයා ඔස්සේ පැමිණෙන දෙයකි.  වඩා පැහැදිලිව කිවහොත් ප්‍රභවයට සම්බන්ධ වූ මනුෂ්‍යයා ඔස්සේ පැමිණෙන දෙයකි. ප්‍රභවය වන්නේ විශ්වයයි.ආදරය සැමතැනම තිබේ. එය මනුෂ්‍යයා ඔස්සේ පමණක් එන දෙයක් නොවේ  පැවැත්මෙහි සත්‍ය සාධකය වන්නේ ආදරයයි. ගසක් පසෙන් සාරය උරා ගන්නා විට ආදරය එහි තිබේ. ගස ඵල දරා එමගින් අනෙකුත් ජීවීන් පෝෂණය කරන කල, එයද ආදරයයි. ගස එයට ඇති දෙයින් දෙන්නේය. මේ ආකාරයට විශ්වය තුල තිබෙන සියලු දේ ඔස්සේ ආදරය පිළිබඳ විශ්ව න්‍යාය ක්‍රියාත්මක වන විට සියල්ලෙහිම පැවැත්ම තහවුරු වෙයි. සොබාදම ඉතා නිවැරදිව ආදරය පිළිබඳ විශ්ව න්‍යායට අනුව වැඩ කරන්නේය. එම න්‍යායට අනුව වැඩ කිරීම සොබාදහම විසින් නතර කලහොත්, සියල්ල අවසාන වෙයි. එහෙත් සොබාදහම නිරතුරුවම විශ්වයේ න්‍යායන්ට අනුව වැඩකරන්නේය. එය ප්‍රභවයට නිසි ලෙස සම්බන්ධ වී නොනවතින සැපයුමක් ලබා ගන්නා බැවිනි. නිසි ලෙස සම්බන්ධ නොවීමත්, නිසි සැපයුමක් නොලැබීමත් කරණකොටගෙන සියල්ල අවුල් කරගෙන සිටින, විශ්වය තුල පවතින  එකම දෙය වන්නේ මනුෂ්‍ය වර්ගයාය. මානවයා නිසි ලෙස ප්‍රභවයට සම්බන්ධ වී නැත. එබැවින් මානවයා තුල ප්‍රමානවත් සැපයුමක්ද නැත. දිව්‍යමය ආදරයෙහි ද උල්පත/ප්‍රභවය වන්නේ විශ්වයයි. එහෙත් නිසි සම්බන්ධතාවයක් නොමැති නිසා මානවයා/මනුෂ්‍යයා දිව්‍යමය ආදරය හිඟ කමින් පෙලෙමින් සිටී. යමෙකු තුල ආදරය නැත්නම් තවකෙකුට දෙන්නේ කෙසේද. මනුෂ්‍ය වර්ගයාට සිදුවී ඇත්තේ එයයි.   මේ හිඟකමින් මිදෙන පිණිස මනුෂ්‍යයා වෙනත් හැඟීමක් ආදරය යනුවෙන් නම් කලේය. එහෙත් දිව්‍යමය වන නියම ආදරයේ අඩුව එයින් සපිරුනේ නැත. මනුෂ්‍යය විසින් නිර්මාණ්ය කරන ලද මේ හඟීම පරාර්ථකාමී නොවීය.  යමක් ලබා ගැනීමේ අරමුණින් තොරව එය දෙන්නේද නැත. එය එයින් නොනවතී. බලාපොරොත්තු වූ දෙය නොලැබුනහොත් මේ හැඟීම මුලුමනින්ම වෙනත් අතකට හැරෙයි. මනුෂ්‍යා තුල සිටින ප්‍රාථමික සත්වයා මතුපිටට පැමිණෙයි. ජීවිතයක් විනාශ වන තුරු එය නවතින්නේ නැත. මනුෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද මේ ඊනියා ආදරය කරණකොටගෙන සියදිවි හානි කරගැනීම් හා මිනී මැරුම් සිදුවන්නේ එලෙසය. සිදුවන හානිය එපමණකින් නොනවතී. මෙම හැඟීම මගින් ආදරය යන වචනය අපහාසයට ලක් වීමද සිදුවෙයි. වඩාත් හානිකර දෙය නම්, ආදරය යනුවෙන් වෙනත් යමක් හඳුන්වා දීම මගින් මනුෂ්‍ය වර්ගයා දිව්‍යමය ආදරය වෙත යොමුවීම වලකනු ලැබීමය. එමතුද නොවේ. දිව්‍යමය ආදරය දෙවියන්ට අයිති දෙයක් ලෙස හඳුන්වා දී ඇඟ බේරාගැනීමද  සිදුවෙයි. ඉතින් මනුෂ්‍යයාට කරන්නට ඇත්තේ ප්‍රභවයට සම්බන්ධවී සැපයුම ලබාගන්නවා වෙනුවට එකිනෙකා මරා ගැනීම පමණකි.
   මේ ලෝකය මියයමින් පවතී. ජීවත් වන්නට අවශ්‍ය සම්පත් හිඟකම නිසා නොවේ. ආදරය හිඟකම නිසාය.

ධර්මිෂ්ඨකම


ඊළඟට අප කතාකරන්නට යන්නේ ධර්මිෂ්ඨකම ගැනය. නිර්වචනයන්ට අනුව එය 'නිවැරදි දිශාගත', 'යුක්තිසහගතව ජීවත්වන' හා 'සදාචාරාත්මකව හොඳ නරක තීරණය කරන්නට උපකාරී වන' දෙයක් ලෙස හැඳින්වේ.  ඊළඟට ධර්මිෂ්ඨකම 'ධම්ම' හෝ 'ධර්ම' යන වචන සමඟ කෙලින්ම සම්බන්ධ වෙයි. ධර්ම යන වචනය කෙලින්ම ආගමක් හා සම්බන්ධ වන අතර, සදාචාරාත්මකව හොඳ හෝ නරක තීරණය කරන්නට යාමේදී ධර්ම යන වචනය ආගමක් සමඟ ඉදිරියට පැමිණේ. (ලිපිය  පරිවර්තනය කරන තුරු  මෙතනින් ගොස් how religions became a barrier යටතේ කියවන්න). ධර්ම යන වචනය භාවිතා නොකරන අනෙක් ආගම් වුවද කෙසේ හෝ ධර්මිෂ්ටකම යන වචනය සමග සම්බන්ධ වේ. එකිනෙක ආගම් තමන්ගේ ආකල්පය/සංකල්පය ධර්මිෂ්ටකම හැටියට පෙන්වා දෙයි. නැවතත් එකම දෙය සිදුවන්නට පටන් ගනී. එනම් මිනිසුන් අවිනිශ්චිත භාවයට ඇද වැටීමය. ලෝකය තුල විවිධාකාර ආදරයන් පවතින සේම ධර්මිෂ්ටකම්ද රාශියක් පවතින බව පෙනී යයි. සමීපව බැලුවහොත් මේ ලෝකය විවිධ ඉසව් ඔස්සේ අවිනිශ්චිත භාවයට ඇද වැටී ඇති අයුරු ඔබට දැක ගත හැකිය. නියම ධර්මිෂ්ඨකම කුමක්දැයි අපි දැන් විමසා බලමු.

නියම ධර්මිෂ්ටකම


 විශ්ව න්‍යායන් යටතේ පවතින්නේ එකම ආදරයක් වන සේම, පවතින්නේ එකම ධර්මිෂ්ට කමක් පමණි. ලෝකමය න්‍යායන් යටතේ එකම වචනයක්/දෙයක් සඳහා විවිධාකාර සංකල්පයන් පැවතීම කරණකොටගෙන මනුෂ්‍යයා අවිනිශ්චිත බවට පත්කරනු ලැබුවත්, විශ්ව න්‍යායන් යටතේ මනුෂ්‍යයාව නිශ්චිත අරමුණක් කරා රැගෙන යයි. එසේම විශ්ව න්‍යායන් කිසිදු බෙදීමකින් තොරව මුලුමහත් මනුෂ්‍ය වර්ගයාටම පිලිගත හැකිය. අපි දැන් නියම ධර්මිෂ්ඨකම කුමක්දැයි බලමු. ඒ සඳහා ඊට පෙර ධර්ම යනු කුමක්දැයි වටහා ගත යුතුය. බහුතරයක් එය වටහා ගන්නේ 'සදාචාරාත්මකව යහපත් වීම' හෝ 'ආගමක් අනුව යාම' හැටියටය. ප්‍රඥාවට අනුව ධර්ම යනු ධර්මතාවය ය. එනම් විශ්වය පිළිබඳ ධර්මතාවය ය. විශ්වය තුල පවතින සියලුම දේ ක්‍රියාත්මක වන ආකාරයය. ඒ ක්‍රියාත්මක වන ආකාරය මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා වන කල්හි ධර්මය යනු එයම මිස අන් කුමක්ද?. මේ ක්‍රියාකාරිත්වය වටහාගෙන ඒ අනුව හැඩගැසීම 'ධර්මිෂ්ටකම' ය. ධර්මිෂ්ඨයා යනු එලෙස හැඩගැසුණු පුද්ගලයාය. විශ්වීය න්‍යායන්ට අනුව සියලුම දෙයට එයට නියමිත තැනක් තිබේ. එසේම සියලුම දේ ක්‍රියාත්මක විය යුතු ආකාරය සැලසුම් ගත කර තිබෙන්නේ ය.

විශ්වය


   සෑම මන්දාකිණියක්ම, සෞරග්‍රහ මණ්ඩලයක්ම, ග්‍රහලෝකයක්ම, ග්‍රහලෝකයක් තුළ ඇති සෑම දෙයක්ම, වාතය ජලය සහ අනෙකුත් සියලුම මූලද්‍රව්‍ය ක්‍රියා කරන ආකාරයද, ජීවීන් ග්‍රහලෝකයේ ජීවත් විය යුතු ආකාරයද, න්‍යායක් / වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වේ. විශ්වය විශාල බුද්ධියක් වන අතර එය ජීවමාන ය. මානව දැනුමට හෝ විද්‍යාවට හෝ තාක්‍ෂණයට විශ්වය තේරුම් ගත නොහැක. එය තේරුම් ගත හැකි එකම මාවත වන්නේ ප්‍රඥාව ය. ප්‍රඥාවට පිටින් වන සියලුම දේ අසාර්ථක, හානිකර හා නිෂ්ප්‍රයෝජන වන්නේ එබැවිනි.





තවම ලියනවා.......

2 comments:

  1. I don't know your language but it looks like you have been working very hard on it keep up the good work partner

    ReplyDelete
  2. Thank you. This is a translation of the english blog. But not an easy thing the translation.

    ReplyDelete

වැඩිපුරම බලපු ලිපි