Analyse

About

 විශ්ව න්‍යායන්

විශ්වය සහ මිනිසෙක්
මෙහිදී මා කතාකරන්නේ, විශ්වය එයට අයිති හැමදෙයක් කෙරෙහිම බලපාන්නේ කුමන ආකාරයේ න්‍යායන් යටතේද යන්න පිළිබඳවය. ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්නේ විශ්වය මිනිස් ජීවිතය ක්‍රමලේඛනය කළ ආකාරය සහ ඒ අනුව මිනිසා යා යුත්තේ කුමන දිශාවටද යන්නයි. එසේම ජීවිතයේ සෑම ඉසව්වකදීම මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ කුමන ආකාරකටද යන්නයි. විශ්වය මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද සහ විශ්වීය න්‍යායන් අනුව ජීවත් වන පුද්ගලයාට විශ්වය කුමක් ලබාදෙන්නේද යන්න පිළිබඳවද මෙහිදී කතා කෙරේ.

මෙම ලිපියෙහි අරමුණ


මා මේ බ්ලොග් එක ලියන්නේ විශ්වයට කෘතගුණ දැක්වීම උදෙසා ය. වරක් මම ඉතා දුර්වල පුද්ගලයෙක්ව සිටියෙමි. මට ජීවිතයෙහි අරමුණක් තිබුනේ නැත. මා සිටියේ ජීවිතය ගැන කලකිරීමෙනි. එහෙත් මම සෙවීමෙහි හා ගවෙෂණයෙහි යෙදී සිටියෙමි. අවසානයේදී මට මාර්ගය හමුවිය. වඩා නිවැරදිව කිවහොත් විශ්වය විසින් මා හට මාර්ගය එළිදරව් කරන ලදී. එබැවින් ආදරණීය විශ්වයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මනුෂ්‍ය වර්ගයා උදෙසා මේ මාවත විවර කිරීම විශ්වය මා කෙරෙන් බලාපොරොත්තු වන බව මම දනිමි. මා මෙය ලියන්නේ එබැවිනි. මෙය ලිවීම මගින් මුදල්, ප්‍රසිද්ධිය හෝ අන් මොනයම් ආකාරයක හෝ ලෝකමය වටිනාකමක් උපයා ගැනීමේ අරමුණක් මා තුල නැත. වෛරය හා කලකිරීම වෙනුවට මම දැන් ජීවිතයට ආදරය කරමි. එසේම විශ්වය තුල ඇති සියලුම දේට මම ආදරය  කරමි. මා මෙය ලිවීමෙහි තවත් හේතුවක් වන්නේ එයය.

No comments:

Post a Comment

වැඩිපුරම බලපු ලිපි